නියමිත මාත්‍රාව ඉක්මවා අධික ප්‍රමාණයක් එකවර පැරසිටමෝල් භාවිතා කිරීම හේතුවෙන් ශරීරයට සිදුවිය හැකි අහිතකර බලපෑම් 5 ක් හදුනා ගනිමු.
පැරසිටමෝල් අධික මාත්‍රාවක් ශරීර ගත වීම් ලොව පුරාම සුලබව දැකිය හැකි ශරීරය විශ වීම් තත්ත්වයකි. මෙය බොහෝ විට අත්වැරදීමකින් දරුවන් හට සිදුවන අනතුරක් ලෙසත් සිතා මතා සිදු කරගන්නා සාපරාධී සියදිවිනසා ගැනීම් ලෙසත් වාර්තා වේ.
සමහර අවස්ථාවල මව්වරුන් තම දරුවන්ගේ උණ රෝගී තත්ත්වය අඩු නොවීම හේතුවෙන් නියමිත මාත්‍රාව නොතකා, දිගින් දිගටම පැරසිටමෝල් ලබා දීමට කටයුතු කරයි. මෙලෙස අධි මාත්‍රාවක් ශරිර ගතවීම, විශ ශරීරය ගතවීම හා සමාන තත්ත්වයක් ඇති කිරීමට හේතුවේ. තවද, මෙය දරුවාගේ ජීවිතය මරණීය අවදානමඅවදානමක් දක්වා ගෙන ගිය හැකිය.
එම නිසාම මෙලෙස පැරසිටමෝල් අධි මාත්‍රාවක් ශරිර ගතවීම යම් අයකුට හානි ගෙන දෙන බව සොයා බැලීම වැදගත් වේ.
- ඔබේ අක්මාව මියැදෙන්නට පටන් ගනී. මෙලෙස අධි මාත්‍රාවක් ශරිර ගතවී පැය 24 කින් මෙම තත්ත්වය ඇතිවන අතර, අක්මාව පූර්ණ වශයෙන් මිය යාම සිදුවීමට ඉඩ ඇත.
- මොළයට හානි සිදුවිය හැකිය.
- රුධිරයේ සිනී ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා පහත බැසීමට පටන් ගනී. මේ අනුව, ශරීරයේ විවිධ වූ අවයවයන්ට ක්‍රියා කාරී වීමට අවැසි පෝෂණය නොලැබී යාමට පටන් ගනී.
- ශරීරයේ රුධිරය හා අයෙකුත් ද්රාවණයන්ගේ සංයුතිය වෙනස්වී එය වඩාත් ආම්ලික ගුණයක් ගැනීමට ආරම්භ වේ. ශරීර සෛල වලට සාමාන්‍ය තත්ත්වයේ දී මෙන් ක්‍රියාකාරී විය නොහැක.